උපදෙස් පිටුව වරිපනම් ගෙවීම
මෙම ලියාපදිංචි වීම අන්තර්ජාලය හරහා වරිපනම් ගෙවීම සදහා පමණක් වලංගු වේ.
සෑම වර්ෂයකම ජනවාරි 31, අප්‍රේල් 30, ජුලි 31, ඔක්තෝම්බර් 31 යන දිනවල කාර්තුවකට පමණක් ගෙවීම් කිරීමේදී ඔබට හිමිවන 5% වට්ටම ලබා ගැනීම සදහා එම දිනවල ප.ව 03.00ට පෙර ගෙවීම් කල යුතුය.
නියමිත වර්ෂයට අදාල වරිපනම් මුදල ජනවාරි 31 දිනට පෙර සම්පුර්ණයෙන්ම ගෙවීමේ දී 10% වට්ටමක් හිමි වේ.
අදාල වට්ටම් ලබා ගැනීම සදහා ගෙවිය යුතු මුදල් තීරුවේ පෙන්වන සම්පුර්ණ මුදලම ගෙවිය යුතුය.(ශත ගණන ද ඇතුළුව )
මෙම ගෙවීම සම්පුර්ණ කිරීමට බැංකුව හා සම්බන්ධ වීමට අවශ්‍ය වේ.
එහිදී ඔබගේ බැංකුව විසින් ලබා දී ඇති කාඩ්පත මගින් (Credit/Debit) ඔබට මේ සදහා ගෙවීම සිදු කල හැකිය.
කාඩ්පත් විස්තර ඇතුලත් කිරිම
මුලින්ම ඔබගේ කාඩ්පත් වර්ගය තෝරා අංක 16 කින් යුතු කාඩ්පත් අංකය ඊටඇතුලත් කල යුතුය.
ඉන්පසු පිලිවෙලින් කල් ඉකුත් වීමේ දිනය, නම හා කාඩ්පත පිටුපස ඇති අංක 3 කින් යුතු රහස්‍ය අංකය ඊට ඇතුලත් කර ගෙවීම සම්පුර්ණ කල යුතුය.
ඉන්පසු ඔබගේ දුරකථනයට ලැබෙන තහවුරු කිරීමේ කේතය ඇතුලත් කර ගෙවීම තහවුරු කල යුතුය.
ඔබ විසින් ගෙවීම් සිදුකිරීමේ දී නිවැරදි වරිපනම් අංකය තෝරා ගැනීම ඔබගේ වගකීම වන අතර වෙනත් අංකයකට ගෙවීම් කර ඇත්නම් එහි වගකීම කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව සතු නොවන බව සැලකිය යුතුය.
සෑම දිනකම ඔබ විසින් ගෙවනු ලබන මුදල් අදාල ගිණුමට බැර කරනු ලබන්නේ පසු දිනයේ දී ය.
ඉහත තොරතුරු සහ අදාළ උපදෙස් කියවා බැලුවෙමි.
ඊළඟට