![]() කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව
| ||
|
අන්තර්ජාලීය ප්‍රාදේශීය සභාව
අන්තර්ජාලීය කොටිකාවත්ත ප්‍රාදේශීය සභා සේවාවට ඔබව සාදරයෙන් පිළිගනිමු. ඉතා ඉක්මනින් හා පහසුවෙන් ප්‍රාදේශීය සභාවෙන් ඉටු වන කටයුතු ඔබට ඉටු කර ගැනීමට මෙම සේවය ඔස්සේ හැකියාව ඇත. ඵලදායි ලෙස කඩිනමින් හා පහසුවෙන් මෙම සේවය ඔස්සේ වරිපනම් ගෙවීම් , ක්‍රීඩා පිටිය, ශ්‍රවනාගාරය, ප්‍රජා ශාලා, ආදාහනාගාරය , ගලි බවූසරය ආදිය මුදල් ගෙවා වෙන් කරවා ගැනීමටද , අන්තර්ජාලය හරහා සියලුම ඉල්ලුම්පත්‍ර ඩවුන්ලෝඩ් කර ගැනීමට ද හැකියාව ඇත. එමෙන්ම ප්‍රාදේශීය සභාවේ තොරතුරු මෙන්ම සියලු සේවාවන් පිලිබඳ විස්තර ක්ෂණිකව බලා ගැනීමට හැකියාව ඇත . වීදි පහන්, ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම් , සෞඛ්‍ය අංශය හා වෙනත් කරුණු සම්බන්ද පැමිණිලි පහසුවෙන් ඉදිරිපත් කිරීමට හැකියාව ඇත. ඒ අතර යෝජනාද ඉදිරිපත් කිරීමට හැකියාව ඇත අමතරව ප්‍රාදේශීය සභාවකින් සිදුවන අනෙකුත් කටයුතු සඳහා අන්තර්ජාල සේවාවන් හදුන්වා දී ඇත. උදාහරණයක් ලෙස වීදි රේඛා සහතිකයක් තමන් සිටින තැනට ගෙන්වා ගැනීම වැනි කටයුතු රාශියක් මෙමගින් සිදු කර ගැනීමට හැකියාව ඇත. ලොව ඕනෑම තැනක සිට මෙම සේවාව ලබා ගැනීමට ප්‍රදේශ වාසීන්ට හැකියාව ඇත. මෙහිදී ඕනෑම බැංකු කාර්ඩ් පතකින් ගෙවීම් සිදු කර හැකි අතර ඔබ ගෙවීම් සිදු කිරීමේදී ඒ සඳහා ඔබව යොමු කරනු ලබන්නේ ශ්‍රී ලංකා ජනරජයේ අන්තර්ජාල ගෙවීම් දොරටුව හරහාය ,එම නිසා එය වඩාත් විශ්වාසදායි ලෙස සිදු කල හැක. මෙම පද්ධතිය හරහා ප්‍රාදේශීය සභාවෙන් සිදුවන සමස්ත ක්‍රියාවලියෙන් 90% පමණ ප්‍රාදේශීය සභාවට නොපැමිණ ඉතා කඩිනමින් හා කාර්යක්ෂමව සිදු කර ගත හැකි වීමෙන් ප්‍රදේශ වාසීන්ට මෙන්ම ප්‍රාදේශීය සභාවෙන් මෙම සේවාවන් ලබා ගැනීමට අවශ්‍ය ඕනෑම අයෙකුට උසස් සේවාවක් ලැබෙනු ඇත. ස්තුතියි ! ![]() දැක්ම හා
මෙහෙවර
දැක්ම" බල ප්‍රදේශයේ ජනතාවට උපරිම සේවාව ඉටුකරන ශ්‍රී ලංකාවේ හොඳම ප්‍රාදේශීය සභාව වීම අප සභාවේ දර්ශනයි ". මෙහෙවරපළාත් පාලන ආයතනයක් වශයෙන් ප්‍රදේශවාසීන්ගේ සුඛ විහරණය සුභ සාධනය හා පහසුකම් ප්‍රවර්ධනය උදෙසා ක්‍රියාත්මක වීම හා වගකීම් කාර්යය භාරය දැරීම අපගේ මෙහෙවර වන්නේය. අපගේ සේවය තුලින් ජනතා සුවසෙත සලසමු. |
||
