සභාපති

හිටපු  සභාපතිතුමාගේ පණිවිඩය

තොරතුරු තාක්ෂණය ලොව පුරා භාවිතා වන අවධියක කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ජීවත් වන ජනතාවට කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව සමඟ ඔවුන්ගේ අවශ්‍යතාවයන් නිවසේ සිට ඉටු කර ගැනීමට අවස්ථාව උදා කර දීමට මාගේ පාලන කාලය තුල හැකිවීම පිළිබඳ මා බෙහෙවින් සතුටට පත් වෙමි.

ජනතාවගේ උපතේ සිට මරණය දක්වා සේවාවක් ලබා දෙන ආයතනයක් ‍ලෙස පලාත් පාලන ආයතන පවත්වා ගෙන යමින් මාගේ බල ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය සියළුම සේවාවන් ඉටුකර දීමට මා අපේක්ෂා කරමි.

ලොව ඕනෑම තැනක සිටින පුද්ගලයෙකුට, වරිපනම් ගාස්තු ගෙවීම, ආදාහනාගාර වෙන් කර ගැනීම පිළිබඳ තොරතුරු ලබා ගැනීම, මාර්ග පරීක්ෂාවන් හා සම්බන්ධ නිලධාරීන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම, ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳ දැනුවත් වීම සඳහා ඉඩ ප්‍රස්ථාව සලසා දී ඇත.

ප්‍රදේශයේ ජනතාවගේ අරමුණු හා අවශ්‍යතාවයන් ඒ ආකාරයෙන්ම ඉටු කර දීම සඳහා මා නිරතුරුව බැදී සිටින අතර, ඒ සඳහා ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලයට නිසි උපදෙස් ලබා දෙමින් ඔවුන්ට ශක්තියක් වීම නායකයෙකු ලෙස මාගේ යුතුකම හා වගකීම වේ. ඒ අනුව කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව නව වෙබ් අඩවියක් ආරම්භ කර කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට මෙම වෙබ් අඩවිය ආරම්භ කිරීම තුළින්හොඳ මහජන සම්බන්ධතාවයක් ගොඩ නඟාගැනීමට හා මහජනතාවට කාර්යක්ෂම තොරතුරු හා සේවාවන් ලබා දීමට හැකියාව ලැබේවා’ යි මා ප්‍රාර්ථනා කරමි.