අපද්‍රව්‍ය කළමනාකරණය

අලංකාර නගරයක් සදහා කැපවෙමු......

.

ප්‍රදේශයේ ජනතාව සදහා සහනදායි මිලට කොම්පෝස්ට් බදුන් ලබාදෙන අතර බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අදිකාරිය සමග එක්ව ‘පිවිතුරුපුර’ සහ ‘පිවිතුරු පාසල්’ වැනි ව්‍යපෘති ක්‍රියාත්මක කෙරේ. තවද ප්‍රතිචක්‍රීකරන ට්‍රේලර යොදා ගනිමින් නොදිරන කසල එක්කර සම්පත් කේන්ද්‍ර යේදී තවදුරටත් සකස් කර විකිණීමෙන් ලබා ගන්න මුදල් නගර සභා අරමුදලට ආදායමක් ලෙස ලබා ගනු ලැබේ. මාලු වෙලදසල් සහ පොදු වෙළදපොල භූමියෙන් ඉවත් කරනු ලබන අපද්‍රව්‍ය ජීව වායු ඒකකය මගින් ජීව වායුව ලෙස සකස් කර නිවාස 8කට පමණ සහනදායී මිලට ලබාදෙනු ලැබේ. නගර පිරිසිදු කිරීම් කටයුතු සදහා දිවා/රාත්‍රි සේවාව ලබාදෙනු ලැබේ.