ලේකම් හා බලතල කාර්ය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නලධාරී

ලේකම්තුමාගේ පණිවිඩය

IMG_4263 01

"බල ප්‍රදේශයේ ජනතාවට උපරිම සේවාව ඉටුකරන ශ්‍රී ලංකාවේ හොඳම ප්‍රාදේශීය සභාව වීම" දැක්ම කරගත් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව, ජනතාව වෙත සැපයෙන සේවාවන් තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහාත්, සපයනු ලබන සේවාවන් පිළිබඳ බල ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීම සඳහාත් මෙම වෙබ් පිටුව තුලින් වඩා සාධනීය කාර්යභාරයක් ඉටු වෙතැයි අපේක්ෂා කරමි.

තොරතුරු තාක්ෂණය භාවිතය තුළින් නිවසේ සිට සේවාදායකයින්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට ඉඩ සැලසීම මෙහි අවසන් ඉලක්කය වන අතර, බල ප්‍රදේශයේ බදු ගෙවන ජනතාවගේ සුබසාධනය හා පහසුකම් ප්‍රවර්ධනය සඳහා වඩා ඵලදායි සේවාවක් සැපයීමට මේ තුළින් අවස්ථාව සැලසෙනු ඇත.