සභා ඉතිහාසය
වෙලක වතුර ලෙයට හැරවු අභිමානවත් පුරවරයක් වු කොටිකාවත්ත මුල්ලේරියාව බල ප්‍රදේශයේ ඓතිහාසික පසුබිම ඉතා ඈත අතීතයට දිවයයි.ලක් දෙරණේ විරෝධාර රණ ශූරයන්ගේ රුධිරයෙන් පවිත්‍ර වු විජය භූමි අතිරින් මුල්ලේරියාව විජය භූමිය ප්‍රධාන තැනක් ගනි.අපරදිග ජාතියක් පෙරදිගදි ජරාජයට පත් වුවානම් ඔවුන් ඉතා අසරණ තත්වයට පත් වුයේ සමූහ ඝාතනයට පත් වුයේ මුල්ලේරියාව සංග්රාමයේදි යැයි ලෝක ඉතිහාසය සදහන් වන්නේ සිංහලයාගේ ගාම්භිරත්වය විඳහා දක්වමිනි.
මුල්ලේරියා සටන ජයග්‍රණයෙන් පසු මෙතෙක් මහා සටන මෙහෙය වු සීතාවක රාජ්‍යයේ සේනාධිපති ඒකනායක සතුව තිබු සිංහ කොඩිය එහි උස් බිමක නංවන ලදි. ඒ ස්ථානය කොඩියාවත්ත නමින් පහළ විය. කලක් භාවිතයෙන් පසු අද දින එය කොටිකාවත්ත වි ඇත.
මුල්ලේරියාව රණබිම මාළිගය වැව පමණක් නොව කැළණිනදිය වම් ඉවුරේ පිහිටි කිතිසිරි මෙවන් විහාරයද මුල්ලේරියාව ඓතිහාසික උරුමයක්ව පැවැති බවට ඉතිහාසය සාක්ෂාත් දරයි.සීතාවක මායාදුන්නේ රන්දෝලිය වු සිරිනාමාලා නිලුපුල්මාලිගේ කුසින් උපන් පින්වත් කුමරා රන්ගේ බණ්ඩාරය ඔහු මුළු දිවයිනටම රාජ්‍ය උරුමය ඇතිව මුල්ලේරියා මාළිගයේ විසු බවට ඉතිහාසයේ සදහන් වෙයි.එකල මුල්ලේරියාව එරියාව නමින්ද හැදින්වි ඇත.ගමේ හිමිකරු වුයේ රන්ගේ බන්ඩාර කුමරු බැවි පැවසේ.මේ එරියාව පසුව මූල+එරියාව මුල්ලේරියාව වි ඇත.
කයිකාවල පසු කරන සැළලිහිණියා පිවිසෙන්නේ අසිරිමත් මුල්ලේරියාව ගම් සීමාවටය.ටිකිරි කුමරු රාජසිංහ උපන්නේ සිතාවකය. එහෙත් ජිවිතය ලැබුවේ මුල්ලේරියාවෙනි.ලෝකයාට සිංහලයාගේ රණශුරත්වය පෙන්වුයේ ටිකිරි කුමරුය.මුල්ලෙර්යාව රණබිම ලෝක උරුමයක් කළෙත් ටිකිරි කුමරුය. එසේම ටිකිරි කුමරුන් ලෝකයට හදුන්වා දුන්නේ මුල්ලේරියාවය.එසේම මුල්ලේරියාව ලෙවට හදුන්වා දුන්නේත් ටිකිරි කුමරුන් බවට ඉතිහාසය දෙස විමසිමේදි පෙනි යයි.
සාමාන්‍ය තොරතුරු
කොටිකාවත්ත මුල්ලේරියාව බල ප්‍රදේශය ගම් සභාවක්ව පැවත පසුව සුළු නගර සභා පාලනයට පත්විය.1950 දි කේ.ඊ.පෙරේරා මහතා සභාපති ධූරය හෙබවිය.ඉන්පසුව සුළු නගර සභා 1960 – 1977 වර්ෂය දක්වා පැවැතිණි.
1987 අංක 15 දරණ ප්‍රාදේශිය සභා පනතේ 2 වන වගන්තිය 1 වැනි උප වගන්තිය හා 4 වන වගන්තියේ අමාත්‍යවරයාට පැවැරි ඇති බලතල ප්‍රකාරව 1987 .05.12 දින අති විශේෂ ගැසට් පත්‍ර මගින් එවකට පළාත් පාලන නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විසින් අදාල බල ප්‍රදේශය ප්‍රාදේශිය සභාවක් ලෙස සංස්ථාපනය කොට කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාව යන නාමය පවරා ඇත.
කොටිකාවත්ත මුලලේරියාව ප්‍රාදෙශිය සභාවක් ලෙස ගැසට් කළ පසු පැවැත්වු ප්‍රථම ප්‍රාදේශිය සභා මැතිවරණයේදි එනම් 1991 .05.11 වන දින පැවැත්වු මැතිවරණයේදි නාවලගේ බෙනට් කුරේ මහතා ප්‍රථම සභාපතිවරයා ලෙස පත්විය.ඉන් අනතුරුව අශෝකා ලංකාතිලක මෙනවිය,පී.එස් පෙරේරා මහතා ,සුනිල් ලෙස්ලි කුරුවිටආරච්චි මහතා මෙන්ම ප්‍රසන්න ගුණසිංහ සොලංගආරච්චි මහතා, රංගජීව ජයසිංහ මහතා මෙන්ම අවසන් වරට ඉදුනිල් ජගත් කුමාර මහතා පිළිවෙලින් සභාපතිවරුන් ලෙස තේරි පත්විය.